-->

වයිරස් මෙහෙයුම

මගේ වයිරස් මෙහෙයුම
මේ දවස්වල මම නෙට් යන ඩොන්ගලෙත් වැඩ නෑ.ඉතින් ෆ්‍රොන්ට් පේජ් වලින් තමයි මේ ලියන්නේ.පස්සේ මගෙ බ්ලොග් එකට කොඩ් එක පිටපත් කරන්නයි අදහස.මේ මට වෙච්ච දෙයක් ගැනයි ලියන්නේ.මීට මාස තුනකට විතර කලින් අපේ කොම්පියුටරය ස්ලෝ වෙන්න උනා.වැඩ කරන්න හරිම අමාරුයි.ඔලුවේ පැත්තක තිබුණා මැෂින් එකට වයිරසයක් ගිහින් ඇති කියලා.ඒත් හිමින් හිමින් හරි දින කීපයක් වැඩ කරන ගමන් ස්ලෝ වෙන්න හේතුව සොයන්න පටන් ගත්තා.ඒවෙනකොටත් අපේ මැෂින් එකේ ඇන්ටි වයිරස් සොෆ්ට්වෙයා දාල තිබුණෙ නෑ.අදටත් දාලා නෑ.
මුලින්ම මම කළේ ඔටෝ රන් වෙන ෆයිල් හොයපු එක.Start-> All Programms->Startup ගිහින් ඉබේ වැඩ කරන අපි ඉන්ස්ට්‍රෝල් නොකරපු ෆයිල් තියෙනවද බැලුවා.ඒත් එහෙම එකක් හොයාගන්න ලැබුන්නෑ.පස්සේ ටස්ක් මැනේජර්(Ctlr+Alt+Delete) අරන් බැලුවා.එතකොටයි දැක්කේ ප්‍රොසෙස වල සීපීයූ යුසේජ්(CPU Useg) එක 70 ත් පැනලා තියෙනවා.පස්සේ සියලුම වින්ඩෝ ක්ලෝස් කරල  ටස්ක් මැනේජර් අරන් බැලුවා.එතකොටත් ප්‍රොසෙස වල සීපීයූ යුසේජ් එක 50 ත් පැනලා තිබුණා.
මට තේරුණා වයිරසයක් තමයි කියලා.ටස්ක් මැනේජර් හොදට බලද්දී මම දැක්කා regsvr.exe කියල ෆයිල් 2ක යුසේජ් එක ඉහළ මට්ටමක තියෙනව.ඕඑස් සීඩි එකත් ලග තියෙන හින්දා   regsvr.exe ෆයිල් සිලෙක් කරලා එන්ඩ් ප්‍රොසෙස් කළා.දෙකම අක්‍රීය උනා.සීපීයූ යුසේජ් එක 1දක්වා අඩු උනා.පරිගනකය වේගවත් උනා.පස්සේ මම  regsvr.exe ගොණුව කොහෙද තියෙන්නේ කියල හොයල බැලුවා.එහෙම ගොණුවක් නැති බවට පණිවිඩයක් ආවා.මම කමාන්ඩ් ප්‍රොම්ට් එක අරගෙන සගවන ලද ගොනු පෙන්වන ලෙස විධාන කළා.ඔය ගොල්ලන්ටත් දැන ගන්න මම ඒක සටහන් කරනවා.
C:\>dir regsvr.exe ah /s
එහිදී C:\>Windows\system32
වල එක් ගොනුවක් තිබෙන බව පෙන්නුවා.පස්සේ ඒවා අන්හයිඩ්(UnHide) කරල මකන්න හැදුවා.මම දුන්නේ පහත විධානයන්ය.
C:\>Attrib regsvr.exe -h /s
C:\>del regsvr.exe /s

වැඩේ ගානට සිද්ද උණා.වයිරසය ඉවරයි කියල හිතාගෙන පරිගනකයත් Off  කරලා දැම්මා.පහුවදා උදේ මැෂින් එක දැම්මට පස්සෙ ආයෙත් ස්ලෝ වෙලා.ටස්ක් මැනේජර් අරන් බැලුවා.එතකොටත් ප්‍රොසෙස වල සීපීයූ යුසේජ් එක 50 ත් පැනලා තිබුණා.regsvr.exe ගොනු තමන්ගෙ  වැඩ ටික පටන් අරන් තිබුණා.වෙනදා වගේම End Process කරලා කමාන්ඩ් ප්‍රොම්ට් එකට ගිහින් වයිරසය මකලදාල Registry Editer එකට යන්න හැදුවා.ඒක ඩිසේබල් වෙලා කියලා පණිවිඩයක් ආව.මට තේරුණා මෙතනින් වයිරසය අයින්කරන්න පුළුවන් කියලා.මොනව කරන්නත්  Registry Editer එක ඉනේබල් කරන්න එපෑ කියලා හිතාගෙන අපේ නෑදෑවෙන මලය කෙනෙකුට කථාව කිව්වා.එයා කිව්ව Administrater Account එකෙන් log වෙලාRegistry Editer එක ඉනේබල් කරන්න කියලා.එතකොට මට මතක් උනා අපේ මලයා කැම්පස් එකේ ඉන්න කාලෙ ඔය ඩිසේබල් වන ඒව ඉනේබල් කරන්න ගෙනාපු බැට් ෆයිල් වගයක් ගැන.ඒවත් වෙලාවටම අපේ මැෂින් එකේ තිබුණා.ඔයගොල්ලන්ගෙත් ප්‍රයෝජනයට මම ඒවයේ කෝඩ් ටික දාල තියෙනව.ඒව නෝට් පෑඩ් එකට කොපි කරල බැට් කියන එක්ස්ටෙන්ෂන් එක දීල සේව් කරල රන් කරන්න. හැබැයි ‍මේව ලියන්න ඕන එක පේළියටයි.
Registry Editer  Enable කිරීමට
REG add HKCU\Software\Microsoft\Windows\CurrentVersion\Policies\System /v DisableRegistryTools /t REG_DWORD /d 0 /f
Task Manager Enable කිරීමට
REG add HKCU\Software\Microsoft\Windows\CurrentVersion\Policies\System /v DisableTaskMgr /t REG_DWORD /d 0 /f

Folder Option Enable කිරීමට
REG add HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Policies\Explorer /v NoFolderOptions /t REG_DWORD /d 0 /f
REG add HKEY_LOCAL_MACHINE\Software\Microsoft\Windows\CurrentVersion\Policies\Explorer /v NoFolderOptions /t REG_DWORD /d 0 /f
අපි ආයෙත් වැඩේට බහිමුකෝ.ඉතින් මම Registry Editer  Enable කරල ඒකට ගිහින් බැලුවා එතනවත් ඔටෝරන් වෙන ගොනු තියෙනවද කියලා.පහළ තියෙන්නේ එම ස්ථානයි.
My Computer\HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Run
සහ
My Computer\HKEY_LOCAL_MACHINE\Software\Microsoft\Windows\CurrentVersion\Run
වැඩේ හරි, එතන අර regsvr.exe ගොනුවෙ path එක සටහන් වෙලා තිබුණා.මම ඒකත් මකල දැම්මා.මෙන්නබොලේ තත්පර කීපයකට පස්සේ අර regsvr.exe ගොනුවෙ path එක ඉබේම එතන සටහන් උනා.මගෙත් රතු ඉර පැන්නා.මැෂින් එක වහල දැම්මා.අය්යගෙ මැෂින් එක දාලා regsvr.exe කියල ගොනුවක් ඒකෙත් තියෙනවද කියල බැලුව.එහෙම කළේ මේ ගොනු වින්ඩොස් ඕඑස් එකත් එක්ක ආපුවද කියල දැනගන්නයි.ඒකෙ එහෙම එකක් තිබුනෙ නෑ.එදා රෑ නින්දට ගියෙත් මේක අයින් කරන්න ක්‍රමයක් ගැන කල්පනා කරමිනුයි.පසුවදා හිමිදිරි පාන්දර කුකුළන් තමන්ගෙ රාජකාරිය ආරම්භ කරමින් හඩලන්න ගත්තා.සූර්ය කිරණ මිහිකත මත පතිත වෙන්නට උනා.විහගුන්ගේ නදින් මුළු පරිසරයම අවදිවන්නට උනා.මල් සුවදින් පරිසරය තවතවත් ප්‍රබෝදමත් උනා.තණ අග පිණිබිදු හිරු කිරණ වැටී සප්ත වර්ණයෙන් ආලෝකමත් උනා.සිසිල් සුලං ආයුබෝවන් කියාගෙන මා ගත වෙලා ගත්තා.මෙච්චර වැකි දැම්මේ මොකද කියල හිතාගන්න පුළුවන් ඇතිනේ.වයිරසය අක්‍රීය කරන්න ක්‍රමයක් ඔලුවට ආව.ඒක මෙහෙමයි.මේ වයිරසය වැඩ කරන්නේ Windows OS එකටයි.Windows  ලෝඩ් වෙනකොටම වයිරසය රන් වෙන නිසා , ඒ ගොනුව මකන්න අමාරුයි.වෙනත් මෙහෙයුම් පද්දතියක් හරහා මේක මකන්න පුළුවන් කියලා අදහස ආවා.ඇදෙන් නැගිටල ඇගමැලි කඩලා වතුර උගුරකුත් බීලා වයිරසය විනාශ කිරීමේ මෙහෙයුම පටන් ගත්තා.හිතට ගැම්මක් ගන්නත් එක්ක Mission Of  The Killing Viruse (MOTKV) කියලා නමකුත් දාගත්තා.මුලින්ම කළේ උබුන්ටු සීඩී එක අරන් ,ඒකෙන් පරිගනකය බූට් කලා.පස්සේ  regsvr.exe ගොණු කොහෙද තියෙන්නේ කියල සර්ච් කරල බැලුවා.C:\Windows\system32 වලත්   C:\Windows වලත් ගොනුව තියෙනව කියල පෙන්නුවා.මම ඒ ගොනුවල නම වෙනස් කරල Extention එක ,exe වෙනුවට  abc කියල දැම්මා.පස්සේ Windows OS එකෙන් පරිගනකය බූට් කලා.වැඩේ අති සාර්ථකයි.වයිරසය නැවතුනා.පරිගනකයටත් අවුලක් නෑ.මගෙ පැනල තිබ්බ රතු ඉරත් ආයෙත් මුල් තත්වයට  ආවා.හදවතේ වේගයත් සාමාන්‍ය ගානට එන්න ගත්තා.ඉතින් මෙච්චර වෙලා මෙහෙම පද වැල් බැන්දේ OS එකකට වඩා දැනගෙන තියෙන එකේ වාසිය කියන්නයි.හැමවෙලේම ඇන්ටි වයිරස් සොෆ්ට්වෙයා පස්සේ දුවන්නත් බැනෙ.දැන් තියෙන ඒවා නිකන්ම බාන්න දෙන්නෙත් නෑනෙ.ඉතින් මෙහෙම පොඩි පොඩි ජිල්මාට් දාල පරිගනකයේ තියෙන ඔයවගේ ඒව ඉවත් කරන එකයි හොද.වයිරස් වගේ විනාශකාරී දේ හදන අයටත් දැන් හිතන්න දෙයක් තියෙනව ඇති නේද?.

වැඩකිඩ තීරය

වැඩකිඩ තීරය ලෙස වෙන්වන්නේ,මා විසින් නිර්මාණය කරන ලද ඇන්මේෂන්,මෘදුකාංග සහ වෙනත් දෑ අඩංගු කර ඇති තීරුවකි.මෙහිදී ඒවා නොමිලේම බාගත කර ගැනීමටත් පහසුකම් සපයා දී ඇත.සමහර නිර්මාණ වෙනත් අය මින්පෙර නිමවා තිබෙන්නටත් පිළිවන.බොහෝ මෘදුකාංග ජාවා (Java) සී ඩබල් ප්ලස්(C++) විෂුවල් බේසික්(Visual Basic) ආදියෙන් නිර්මාණය වූ ඒවාය.මේවායේ අඩුපාඩු ගුණදොස් ඇතොත් පෙන්වාදෙනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි.
වැඩකිඩ පටුන
  1. මෘදුකාංග
  2. ඇනිමේෂන්
    • ත්‍රී ඩී මැක්ස් ආශ්‍රයෙන් සැකසූ නිර්මාණ
  3. වෙනත් නිර්මාණ

මුදල් ඉපයීම

මුදල් ඉපයීම
මුදල් ඉපයීම තීරයෙන් ගෙනහැර දක්වන්නේ,අන්තර්ජාලය මගින් සහ වෙනත් ක්‍රම මගින් මුදල් උපයාගන්නා විධි ගැනයි.මුලින්ම කිවයුතු කාරණාවක් තියනව කියන්න.මමත් මේව දැන හදුන ගත්තේ ,අන්තර්ජාලයේ තියෙන බ්ලොග් අඩවි මගිනුයි.පොඩි පොඩි දේවල් මමත් අත්හදා බලල තියෙනව.අවදානමක් නැහැ කියල කියන්නෙත් නෑ.කොහොම උනත් අත්හදා බලන්න පුළුවන්.ඒ සියළුම තීරණ ඔයගොල්ලන් අතේ තමයි තියෙන්නේ.

පටුන

නයි නටවමු

නයි නටවමු.(අත්හදා බැලීමක් පමණයි)


ඉතින් ඔන්න අදත් ගේම් එකක් හදුන්වල දෙනවා.හැබැයි එක දෙයක් කියන්න ඕන,මේක සම්පූර්ණයෙන්ම හදල ඉවර නෑ.අත්හදා බැලීමකට තමයි මේක කල්තියා එළිදැක්කුවේ.ඔයගොල්ලන් දන්නව ඇතිනේ අර මොබයිල් ෆෝන් වල එහෙම තියෙන්නේ නයෙක් වගේ එකෙක් බ්ලින්ක් වන කොටුවක් හරහා ගෙනියන්න තියෙන ගේම් එක.ඒකක් තමයි මමත් මේ හදන්න උත්සාහ කරන්නේ.මේකෙනම් හුගක්ම අඩුපාඩුකම් තියෙනව.කී බෝඩ් එකේ ඇරෝ කී වලින් තමයි නයාව එහා මෙහා ගෙනියන්නේ.මේ ගේම් එක ක්‍රියා කරවල බලන්න ඕන නම් මෙතනින් ගන්න.සිංහල අකුරු නැත්නම් මෙතනින් ගන්න.මෙහි අවසන් කළ නිර්මාණය නුදුරු දිනකදී ඔබවෙතට ගෙන එන්නම්.

පේපැල් ගිණුම

ඔන්න ඉතින් අද මම කථා කරන්නට යන්නේ පේපැල් ( Paypal ) ගිණුමක් හදා ගන්න හැටියි.මුලින්ම බලමු අපිට මොකටද පේපැල් ( Paypal ) ගිණුමක් ඕන වෙන්නේ කියලා.අපි අන්තර්ජාලය හරහා මොනව හරි ගණුදෙණුවක්(භාණ්ඩ විකිණීමක් හෝ ගැණීමක් හො මූල්‍යමය වශයෙන් කරන ගණුදෙණුවක්) කරනකොට මුදල් ගෙවීමක් කරන්න වෙනනේ,ඉතින් එහෙම ගණුදෙණු කරන්නයි මේ අන්තර්ජාල බැංකු තියෙන්නේ.පේපැල් කියන්නෙත් එහෙම ගණුදෙණු කරන්න පුළුවන් අන්තර්ජාල බැංකුවක්.තව ‍පේසා (PayZa) කියලත් තියනව.පේසා (PayZa)  ගිනුමක් හදාගන්නේ කොහෙමද දැනගන්න මෙතනින් බලන්න.
දැන් ගිණුමක් හදන්න වැඩ අරඹමු.......
හොදයි ගිණුම හදන්න පේපැල් කියන සයිට් එකට යන්න ඕන.ඒකට www.paypal.com හෝ මෙතනින් යන්න.එතකොට මේ ආකාරයට එම අඩවිය විවෘත වනු ඇත.මෙහි සයින් ඉන්(Sign in) ක්ලික් කරන්න.

පේසා ගිණුම

ඔන්න ඉතින් අද මම කථා කරන්නට යන්නේ පේසා( PayZa ) ගිණුමක් හදා ගන්න හැටියි.මුලින්ම බලමු අපිට මොකටද පේසා ( PayZa ) ගිණුමක් ඕන වෙන්නේ කියලා.අපි අන්තර්ජාලය හරහා මොනව හරි ගණුදෙණුවක්(භාණ්ඩ විකිණීමක් හෝ ගැණීමක් හො මූල්‍යමය වශයෙන් කරන ගණුදෙණුවක්) කරනකොට මුදල් ගෙවීමක් කරන්න වෙනනේ,ඉතින් එහෙම ගණුදෙණු කරන්නයි මේ අන්තර්ජාල බැංකු තියෙන්නේ.පේසා කියන්නෙත් එහෙම ගණුදෙණු කරන්න පුළුවන් අන්තර්ජාල බැංකුවක්.තව ‍පේපැල් (PayPal) කියලත් තියනව.පේපැල් (PayPal) ගිනුමක් හදාගන්නේ කොහෙමද දැනගන්න මෙතනින් බලන්න.
දැන් ගිණුමක් හදන්න වැඩ අරඹමු.......
හොදයි ගිණුම හදන්න පේසා කියන සයිට් එකට යන්න ඕන.ඒකට www.payza.com හෝ මෙතනින් යන්න.එතකොට මේ ආකාරයට එම අඩවිය විවෘත වනු ඇත.මෙහි සයින් ඉන්(Sign in) ක්ලික් කරන්න.

සිත් කියවීම

ඔබ සිතන්න මම කියවන්නම්
 ඉතින් ඔන්න යාළුවනේ මම අද පොඩි ගේම් එකක් හදුන්වල දෙන්නයි හදන්නේ.මේකට නම දැම්මේ සිත කියවීම(Read Your Mind) කියලයි.
හේතුව මේකයි.මෙකෙන් කරෙන්නේ, ඔයගොල්ලන් 1 සිට 99 දක්වා සංඛ්‍යා වලින් කැමති සංඛ්‍යාවක් හිතාගෙන ඒ සංඛ්‍යාවේ ඉලක්කම් එකට එකතු කරපුහාම ලැබෙන සංඛ්‍යාව , අර හිතාගත්තු සංඛ්‍යාව අඩු කරපුහාම එනවනේ උත්තරයක්.අන්න ඒ උත්තරයට අදාලව ඊ‍ට ඉස්සරහින් රූපයක් තියෙනවනේ ,ඒ රූපය හොයාදෙන එකයි කරන්නේ. 
දැන් මෙහෙමනෙ, ඔයගොල්ලන් හිතන එක දන්නෙත් ඔයාලමයි.නමුත් මේ ක්‍රීඩාවෙන් ඔයාලගෙ හිත කියවල අදාල උත්තරය ලබාදෙනවා.ඒකයි මේකට සිත කියවීම(Read Your Mind) කියල නම දැම්මේ.අපි උදාහරණයක් ගනිමුකෝ.අපි හිතාගනිමුකො සංඛ්‍යාවක් 63 කියලා.එතකොට ඒකෙ තියෙනව 6 සහ 3 කියල ඉලක්කම් දෙකක්. ඒදෙක එකට එකතු කරනව.
6+3 = 9
දැන් 9 කියන උත්තර‍යෙන් අර හිතාගත්තු සංඛ්‍යාව අඩු කරනවා.
63-9 = 54
දැන් 54 කියන සංඛ්‍යාව ඉස්සරහ තියෙන්නේ පොතක රූපයක්නේ.ඉතින් මගෙ සිත කියවන්න කියන බටන් එක ඔබපුහාම පරිගනකය ඔයගොල්ලන්ගේ සිත කියවල අදාල උත්තරය ලබාදෙයි.අත්තම කිව්වොත් එච්චර ලොකු වැඩකුත් නෙමෙයි මේක.මෙතන තියෙන්නේ අපි පාසැලේදී ඉගෙන ගත්ත සංඛ්‍යා රටා කියන පාඩමයි.ඉතින් හොයලම බලන්නකෝ.මේ ක්‍රීඩාව බාගන්න නම් මෙතනින් ගන්න.සිංහල අකුරු පරිගනකයේ නැත්නම් මෙතනින් ගන්න.මම මේක හැදුවේ විෂුවල් බේසික් 6 වලින්.ටයිමර් දෙකක් දාල තමා ඇනිමේෂන් හැදුවේ.මේවයේ ගුණදොස් අඩුපාඩුකම් තියෙනවනම් දන්වල එවන්න.

වංහුං

වං හුං තීරයේ ඇත්තේ එදිනෙදා මා ඇසූපිරූ සහ මා විසින් සිදුකරන ලද ක්‍රීයාකාරකම්,අත්හදා බැලීම් ආදිය පිළිබද තොරතුරුයි.මෙයින් ඔබටද යම් දැනුමක් ලැබේනම් එය මගේ උත්සාහයේ සාර්ථකත්වයක් ලෙස සලකමි.

පටුන

මුල් පිටුව

මගේ පොඩි පොඩි සොෆ්ට්වෙයා


මෙන්න මගෙන් පොඩි සොෆ්ට්වෙයා ටිකක් හැදුවා.ඔයගොල්ලන් ඒව බාගෙනම බලන්නකො.මුලින්ම මේ  ෂිප්(*.zip) ගොනුව අන්ෂිප් කරල සෙටප් ඊඑක්ස්ඊ(Setup.exe) ගොනුව රන් කරන්න.
මගේ දිනපොත.
මුර පදය getset ලෙස දෙන්න