-->

පොඩි පොඩි සොෆ්වෙයා

මගේ පොඩි පොඩි සොෆ්ට්වෙයා


මෙන්න මගෙන් පොඩි සොෆ්ට්වෙයා ටිකක් හැදුවා.ඔයගොල්ලන් ඒව බාගෙනම බලන්නකො.මුලින්ම මේ  ෂිප්(*.zip) ගොනුව අන්ෂිප් කරල සෙටප් ඊඑක්ස්ඊ(Setup.exe) ගොනුව රන් කරන්න.
මගේ දිනපොත.
මුර පදය getset ලෙස දෙන්න

කොන්ඩ කැවුම් හදමු

කොන්ඩ කැවුම් හදමු
මගේ පළමු ආර්ඩුයිනෝ ව්‍යාපෘතිය.

න්න චිනා ආයෙත් ආවා සුටුසුටුවෙන් ඹබ හමුවට. මේසැරේ වංහුං තීරුවෙන් කියන්න යන්නේ , හුග කාලෙක ඉදල චිනාගේ හිතේ තිබිච්ච අදසක් සඵලවීම ගැනයි. චිනා O/L ලියල ගෙදර ඉන්න කාලෙ තමයි මුලින්ම කොම්පියුටරයකට අත ගැහුවේ. ඒ මීට අවුරුදු 19 කට කලින්, ඒ කියන්නේ 1997 අවුරුද්දේ . ඒ කාලෙ තමයි ප්‍රෝග්‍රෑමින් ගැන චිනාගේ හිතට ආවේ.ඒ දවස් වල චිනා ඉලෙක්ට්‍රොණික් එහෙමත් ඉගෙන ගෙන තිබ්බ නිසා කොම්පියුටරය හරහා බල්බ පත්තු කරන්න ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න ඹ්න උනා.උපරිම ට්‍ර‍යි එක දැම්මා.අවුරුදු ගානක් කෝස් කීපයක්ම කළා.පොඩ් පොඩ් සොෆ්ට්වෙයා හැදුව.සමහර ඒව හිතට ආපු ගණන් වලට විකුණුව.(චිනා හදපු සමහර සොෆ්ට්වෙයා බලන්න මෙතනින් යන්න ) . A/L කරණ කාලෙත් වැඩි පුරම චිනා කලේ ප්‍රෝග්‍රෑම් ලියන එකයි.චිනා Maths කරපු හින්ද හිතේ හැටියට සමීකරණ එහෙ මෙහෙට කරල ප්‍රෝග්‍රෑම ලිව්ව.ඒත් කොම්පියුටරය හරහා බල්බ පත්තු කරන්න ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න බැරි උනා. ඹහොම යද්දි චිනා ගත්ත පොතක තිබිල චිප් ප්‍රෝග්‍රෑමින් ගැන ලිපියක් හම්බඋනා.නෙට් එකෙනුත් තවත් කරුණු හොයාගත්ත.ඒ කාලේ ප්‍රෝග්‍රෑමින් ජොබ් එකක් කරමින් හිටිය හින්දා අතෙත් සල්ලි තිබ්බා.සුද්දා වගේ කොළඹ ඇවිත් පිටකොටුවේ කඩවල් ගානෙ ඇවිදල ඒ සම්බන්ධ පොතුත් ගත්තා. ඹහොම ඹහොම තමයි ආර්නෝයිඩෝ ගැන දැන ගත්තේ.

පස්සේ ඊ-බේ එකෙන් ආර්නෝයිඩෝ එකක් ගෙන්න ගත්තා.වැඩි ගානක් ගියේ නෑ. රු 1000/= විතර ගියා.ඊට පස්සේ ආර්නෝයිඩෝ අයි ඩී ඊ එක නෙට් එකෙන් බාගත්ත.ඉස්කෝලෙ යන කාලෙ ප්‍ර‍ර්ශණයට හදපු භාණ්ඩයක රිලේ එකක් අරන්, තව ජාති ටිකක් දාල, ප්‍රෝ එකක් ලිව්වා.පස්සේ චිප් එකට අප්ලෝඩ් කළා.චිනා හිටියේ දෙගිඩියාවෙන් .මොකද වැඩේ වැරදිලා මැෂින් එක පිච්චුනොත් ඹක්කොම ඉවරයිනේ.කොහොම උනත් වැඩේ හරි ගියා.අවුරුදු ගාණක ඉදල චිනාගේ හිතේ තිබිච්ච අදසක් හිමිදිරියේම සඵල උනා.මේ තමයි චිනා 10 වසරෙදි පාසලේ තිබ්බ ප්‍ර‍දර්ශණයට හදපු පරිපථය.මේක හැදුවේ ගුරුවරුන්ගේ කරදරෙන් බේරෙන්නයි.
මෙහි වයිබ්‍රේටර් එක අයින් කරල, ආර්ඩොයිනෝ එකේන් එන සිග්නල් එක රිලේ එකට දීල තමයි මේක හැදුවේ.
මේ තියෙන්නේ ආර්ඩොයිනෝ එකේ ලිව්ව ප්‍රෝග්‍රෑම් එකයි.
int p=12;
void setup()
{
pinMode(p ,OUTPUT);
}
void loop()
{
digitalWrite(p ,HIGH);
delay(1500);
digitalWrite(p ,LOW);
delay(1500);
}

මේක තව පොඩ්ඩක් වෙනස් කරල සීරියල් පෝර්ට් එකට කෝඩ් කළා.ඒක මෙහෙමයි ,
int p = 12;
void setup()
{
pinMode(p, OUTPUT);
Serial.begin(9600);
}
void loop()
{
char v =Serial.read();
if ( v== "O")
{
digitalWrite(p, HIGH);
}else
{
digitalWrite(p, HIGH);
}
}

මේකෙන් වෙන්නේ මෙහෙම දෙයක්, ඩොට් නෙට් වලින් ලියපු ප්‍රෝග්‍රෑම් එකේ චෙක්ස් බොක්ස් එක චෙක් කරපුහාම බල්බය දැල්වීම ,නිවීම සිදුවෙයි. ඩොට් නෙට් කෝඩ් මෙහෙමයි.
check Box Name : chkOnOff
serial port Name : sp
rate : 9600
form load Event
private sub form_load(object sender, EventArgs e )
with sp
.portName ="COM4"
biginRate =9600
.open()
end with end sub
private sub chkOnOff_click(object sender ,EventArgs e)
if chkOnOff.checked ="o" then
sp.write("o")
else
sp.write("f")
endif
end sub

එහෙනං ඹක්කෝටම සුභ දවසක් ,අළුත් පෝස්ට් එකකින් යලි හමුවෙමු.

පිළිබද(About)

මේ මාගේ පළමු බ්ලොග් අඩවියයි.මෙහි හුගක් අඩුපාඩු අත් වැරදීම් තිබෙන්නට පිළිවන.