-->

මගේ පළමු වෙබ් ක්‍රීඩාව.

මගේ පළමු වෙබ් ක්‍රීඩාව.
කාලෙකට පස්සේ චිනා ආයෙත් ආවා සුටුසුටුවෙන් ඹබ හමුවට. මේසැරේ වංහුං තීරුවෙන් කියන්න යන්නේ , මම හදපු පරිගනක ක්‍රීඩාවක් ගැනයි.2016 මුල් මාසවල තද වැස්ස තිබ්බ කාලේ තමයි මේක හදන්න පටන් ගත්තේ.සතියක් විතර වැඩේට ගියා.මේක හැදුවේ ජාවා ස්ක්‍රිප්ට් වලින්.ඹ්න කෙනෙකුට අරන් බලන්න පුළුවන්.තාමත් මේකෙ වැඩ ඉවර නෑ.මේක මගේ පළමු පරිගනක ක්‍රීඩාව නෙවෙයි.මුලින්ම සී++ වලින් එකක් හැදුව.ඒ 2005 විතර කාලේ.පස්සේ පොඩි පොඩි ගේම් හැදුව,මේ හදපු එක මෙතනින් බාගත කරගන්න. ෂිප් ෆයිල් එක අන්ෂිප් කරගෙන ,ඉන්ඩෙක්ස් ගොනුව ඩබල් ක්ලික් කරන්න.ෆයර්ෆොක්ස් වල හොදට වැඩ කරනව.අඩු පාඩු ,ගුණ දොස් බලා පොරොත්තු වෙනවා.



එහෙනං ඹක්කෝටම සුභ දවසක් ,අළුත් පෝස්ට් එකකින් යලි හමුවෙමු.
පහසුවෙන් ඩේටාබේස් ලින්ක් කරගන්න ඩී එල් එල් ගොනුවක් ( වීබී ඩොට් නෙට් )



තින් යාළුවනේ කාලෙකට පස්සේ අළුත් පෝස්ට් එකක් අරන් ආවා.මේක එච්චරම දිග පෝස්ට් එකක් නෙවෙයි,ඉඩකඩ ලැබුණ වෙලාවෙ ඉක්මනින්ම ලියල දානවා.ඩොට් නෙට් වලින් ප්‍රෝග්‍රෑම් ලියන අයට මේක හුගක් ප්‍රයෝජනවත් වෙයි. මේක ඩේටාබේස් කනෙක්ට් කරගන්න මම හදාපු ඩීඑල්එල් ගොණුවක්. මේ ගොණුව ඹයගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එකට ලින්ක් කරල රන් කරන්න.ඊට පස්සේ එන ඩයලොග් බොක්ස් එකේ අදාල විස්තර දාල කනෙක්ට් කරන්න.ඩීඑල්එල් ගොණුව මෙතනින් බාගන්න.

එහෙනං ඹක්කෝටම සුභ දවසක් ,අළුත් පෝස්ට් එකකින් යලි හමුවෙමු.
වීබී සහ ආර්ඩුයිනෝ අතර දත්ත හුවමාරුව.
( උශ්ණත්වමානයක් හදමු )

මේ දවස්වල හරියට වැස්ස නිසා එළියට බහින්න වත් බෑ. ජොබ් එකට ගිහිල්ල එක දවසක් වරුවෙන් ආවා.පහුවදා වැස්ස වැඩිවෙලා ටවුමේ පාරවල් යටවෙලා නිවාඩු දාන්නත් උනා.තව දවසක් කෙටි නිවාඩුවක් දාන්න උනා,එකත් වැස්ස නිසාම තමයි.ජොබ් එකට යනකොට දැක්කා කැළණි ගගේ වතුර වැඩිවෙලා ,සමහර ගෙවල් බාගයක්ම යටවෙලා ,රේල්පාර දෙපැත්තේ මිනිස්සු ගෙවල් යටවෙලා හින්දා පාර දෙපැත්තටවෙලා හිටියා.මම සමහර ඒවා ෆෝන් එකෙන් වීඩීයෝ කලා.ඒත් ඒවා මේවගේ දේවල් වලට දාන්න හිතදෙන්නෑ.දවසක් මරදානේ දුම්රියපළේ දෙරණ රූපවාහිණී නාලිකාවෙන් ගංවතුරෙන් අවතැන්වූවන්ට දෙන්න කෑම පාර්සල් එකතු කළා.මම වැඩට යන ගමන්ම කෑම පාර්සලයක් ගෙනත් දුන්නා.මේ වෙලාවෙයි මට හිතුනේ අපි ඉන්න පැතත්තනං පිංබර පැත්තක් කියලා.කොච්චර වැස්සත් ,මෙච්චර කැලෙකට අපේ පැත්තේ එක ගෙයක්වත් යට වෙලානෑ.කුඹුරුවල කඩාඩු යනව,පාරවල් යටවෙනව ,එත් ගේ ඇතුලටවෙලා ඉන්න පුළුවන්කම තිබුණා.නිවාඩුවට ගේ ඇතුලේ ඉන්නකොටයි මට හිතුනේ උශ්ණත්වමානයක් හදන්න ඹ්න කියලා.කොම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් හරහා උශ්ණත්වය බලාගන්න හැදුවොත් හොදයි කියල හිතුණා.මේ දවස්වල ආර්ඩුයිනෝ ගැනත් ඹළුවෙ තිබ්බ හින්දා ඒකෙන් හදන්න ඹ්න කියල හිතුණා.මේකට මම ගත්තේ LM35 කියන chip එක.

මේකෙ පින් අංක තියෙන්නේ මෙහෙමයි.


 පළමු පින් එකෙන් කෙරෙන්නේ චිප් එකට අවශ්‍යය +වෝල්ටීයතාව ලබාදීමයි.3 පින් එකෙන් කෙරෙන්නේ චිප් එකට අවශ්‍යය ඝෘණ වෝල්ටීයතාව ලබාදීමයි.එවිට පරිසර උශ්ණත්වයට අනුව 2 පින් එකෙන් ධාරවක් පිටව‍ෙයි.එම ධාරාව වෝල්ටීයතාව අනුව ගණනයකර උශ්ණත්වය සොයාගැණීමට හැකිය.





 


මෙහෙමයි මේක ආර්ඩුයිනෝ එකට සම්බන්ධ කරන්නේ.

චිප් එකේ 1 පින්එක ආර්ඩුයිනෝ එකේ +5V වලටත් ,චිප් එකේ 3 වන පින්එක  ආර්ඩුයිනෝ එකේ Grn පින්එකටත්, චිප් එකේ 2 පින්එක ආර්ඩුයිනෝ එකේ ඇනලොග් පින් (A0 - A5) එකකටත් සම්බන්ධ කරන්න ඹ්නෑ.ඊටපස්සේ ආර්ඩුයිනෝ එකට මෙහෙම ප්‍රෝග්‍රෑම් එක ලියල අප්ලෝඩ් කලා.එවිට සීර්යල් මොනිටර් එකේ මේ විදියට උශ්ණත්වය දර්ශණය වෙනවා.



ඊට පස්සේ වීබී ඩොට්නෙට් වලින් උශ්ණත්වමාණය කෝඩ්කළා.කොම්පැණියේ අපිට වැඩ අඩු වෙලාවට මම ජාවා ස්ක්‍රිප්ට් වලින් එක එක ග්‍රැපික් කෝඩ් කළා.මගේ මිත්‍ර‍ය නම් වෙච්ච මහන්සිය දැකලා ඹච්චර මැරෙන්න ඹ්නැද බං.... කියල කියපු වතාවළුත් තියෙනව.එහෙම හදල ලබපු අත්දැකීම් එක්ක තමයි වීබී වලින් උශ්ණත්වමාණය කෝඩ්කරන්න පුළුවන් උනේ.



මේක මම ඩීඑල්එල් විදියට සේව් කළා.එතකොට එකමදේ හැමවෙලාවෙම ලියන්න ඹ්නෙ නෑනේ. ඩීඑල්එල් එක ලින්ක් කරගන්න විතරයිනෙ ඹනේ.ඹයාලටත් ඒක ඹ්නෙනම් මෙතනින් බාගන්න.පස්සේ ඒ ඩීඑල්එල් ගොනුව අරන්, ආර්ඩුයිනෝ එකෙන් එන ඩේටා උශ්ණත්වමානයට සම්බන්ධ කලා.එහෙම තමයි මම උශ්ණත්වමානය නිර්මාණය කලේ.මම හදපු එකේ වීඩීයෝව පහල තියෙනව .මේ මගෙ ෆෝන් එකෙන් පටිගත කල නිසා රූපරාමු අපැහැදිලි වීම ගැන කණගාටුයි.


එහෙනං ඹක්කෝටම සුභ දවසක් ,අළුත් පෝස්ට් එකකින් යලි හමුවෙමු.
මගෙන් ඉලෙක්ට්‍රොණික් පරිපථ

න්න මේසැරේ වංහුං තීරුවෙන් කියන්න යන්නේ ඉලෙක්ට්‍රොණික් පරිපථ කීපයක් ගැනයි.මේ දවස්වල අපේ කොම්පැණියේ IT ඩිපාර්ට්මන්ට් එකට වැඩ ටිකක් අඩුයි.ඒක හින්දා පෝස්ට් එකක් ලියන්න වෙලාවක් ආවා.මේ පොස්ට් එක දාන්න මුළ පිරුණෙ මෙහෙමයි.කොම්පැණියේ IT ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරන මිත්‍රයෙක් දවසක් කිව්වා ,මචන් මට ඹ්නැ රිලේ එකකට සෙට් කරල තියෙන push button switch එකක් එකපාරක් press කරපුහාම රිලේ එක ON වෙන්ඩත් තව පාරක් press කරපුහාම OFF වෙන්නත් හදන්න.කොහොමද කරන්නේ කියල හොයල බලකො කියලා.ඹ්ක එච්චර දෙයක්යෑ ,push to ON /push to OFF switch එකක් අරන් හයිකරකෝ කියල කිව්වත් මෑන් පිළිගත්තේ නෑ.ඒ switch ලොකු වැඩි බං , මට ඹ්නෑ පොඩි switch එකක් දාල හදන්නයි.ඹහොම දවස් කීපයක් ගියා.ආයෙත් මිත්‍ර‍ කිව්ව උබ අරක බැලුවේ නෑනේද බං කියල.ඹ්ක එච්චර දෙයක්යෑ බං,push to ON /push to OFF switch එකක් අරන් හයිකරකෝ කියල මම කිව්වා.ඒක හරියන්නෑ බං මට ඹ්න ඩිජිටල් විදියට කරන්නයි මිත්‍ර‍ය කිව්වා.හරි එහෙනං ගනින් 4017 අයිසී එක , අරන් 2 පින් එකට........... කියල විස්තර කලා.ඒක එයාට තේරුණාද දන්නනෙත් නෑ, හැදුවද නැද්ද මම දන්නෑ.ඉතින් එහෙම අවශ්‍යතා තියෙන අය තව ඇතිනේ . ඒ අයටත් සහයොගයක් වශයෙන් තමයි පරිපථ කීපයක් දාන්න හිතුනේ.ඹන්න ඹහොම තමයි පෝස්ට් එක දාන්න මුළ පිරුණෙ.

4017 IC එක ගැන මම දැනගත්තේ 1995 විතර කාලෙදී.ඉස්කෝලෙ ඉලෙක්ට්‍රොණික් වලට පින් එකක් ගානෙ ඉගැන්නුව.සමහර වෙලාවට බැණුම් එහෙමත් ඇහුවා.පාස්සන්න ගිහින් අත පුච්ච ගත්ත අවස්ථාත් එමටයි.හරි මෙන්න මම ඉදිරිපත් කරණ පරිපථ සටහන්.
මේකෙන් වෙන්නේ S කියන push button switch එක press කරපුහාම රිලේ එක ON වෙනව, තව පාරක් press කරපුහාම OFF වෙනව. රිලේ එකට ප්‍ර‍ධාන විදුලිය සපයන්න පුළුවන්.

මේ තියෙන්නේ තවත් එකක්

R1          = 330 ohm
R2 - R4  = 1 Kohm
C            = 10 uF
S            = PUSH BUTTON SWITCH
B            = BULB

මේකට බල්බය වෙනුවට රිලේ එකක් උනත් සම්බන්ධ කරන්න පුළුවන්.මේකෙත් වෙන්නේ S කියන push button switch එක press කරපුහාම බල්බය දැල් වෙනව, තව පාරක් press කරපුහාම බල්බය නිවෙනව.







4017 IC එකෙන් LOCK එකක් හදමු. 


උපකරණ ලැයිස්තුව

S1 - S10  = Push button Switch
R1           = 1K  resistor
B             = Bulb
TR1         = C282 හෝ  D400 transistor

මේක වැඩකරන්නේ මෙහෙමයි.ලොක් එක ක්‍රියාත්මක වෙන්නේ ඉලක්කම් 5 කින්යුත් අංකයකින්.කුමන හෝ එක ඉලක්කමක් හෝ වැරදුනහොත් නැවත මුලසිටම අංකය සටහන් කරන්න ඹ්න.බල්බය වෙනුවට රිලේ එකක් උනත් සම්බන්ධ කරන්න පුළුවන්.
අපි උදාහරණයක් ගෙන බලමු.

අපි හිතමු අපේ රහස් අංකය 58923 කියල, එතකොට කී පෑඩ් එකේ 5,8,9,2 ,3 යන අංක වලට පිළිවෙලින් S1, S2 , S3 ,S4 ,S5 ස්විච සම්බන්ධ කරන්න ඹ්න.S6-S10 දක්වා ස්විච කී පෑඩ් එකේ ඉතිරි අංක වලට සම්බන්ධ කරන්න.දැන් විදුලිය සම්බන්ධ කර අංකය ලබාදී බලන්න.

එහෙනං ඹක්කෝටම සුභ දවසක් ,අළුත් පෝස්ට් එකකින් යලි හමුවෙමු.

වීබී මගින් ආර්ඩුයිනෝ හි LED පාළනය කිරීම ( Arduino LED Contral using VB.Net )

න්න මම අද කියන්න යන්නේ මම හදපු සොෆ්වෙයා එකක් ගැනයි.මේක හැදුවේ වීබී ඩොට් නෙට්(VB.Net) වලින්. ආර්ඩුයීනෝ එකට සම්බන්ද කරල තියෙන LED බල්බ 3ක් වීබී හරහා පාලනය කරන්නයි හදල තියෙන්නේ.ඒතරම් ලොකු වැඩකුත් නෙමෙයි.මුලින්ම තියෙන්නේ ආර්ඩුයීනෝ එකට ලිව්ව කෝඩින් එකයි.

කෝඩින් ගැන පැහැදිලි කිරීම

මේකෙ පළමු පේළි 3න් කරන්නේ වේරියබල් කීපයක් හදාගන්නව. comm කියන්නේ වීබී වලින් එන විධානය ලබාගන්නා වේරියබල් එකයි.p කියන්නේ ආර්ඩුයිනෝ එකේ Out put පෙන්වන වේරියබල් එකයි. nf මගින් බල්බ දැල්වීම නොදැල්වීම සටහන් කරයි. nfs මගින් පින්වල ක්‍රියාකාරිත්වය පිළිබද සටහනක් වීබී වෙත යවයි. සෙටප් Function එකෙන් ආර්ඩුයිනෝ එකේ 10,11,12,13 පින් හදුන්වා දී ඇති අතර සීරියල් පෝට් බිට් රේට් එක ද හදුන්වා දෙයි.loop Function මගින් වීබී වලින් එන විධානය ලබාගෙන ,ආර්ඩුයිනෝ එකට සම්බන්ධ කර ඇති LED පාළනය කරයි.










VB.Net කෝඩින්

මෙහි පෝරට් එකට, ආර්ඩුයිනෝ එක සම්බන්ධ පෝර් එක ලබාදී අදාල චෙක්ස් බොක්ස් එක ටික් කලවිට ,විධානය ආර්ඩුයිනෝ එකට යයි.ඒ අනුව ඊට අදාල LED එක දැල්වීම /නිවීම සිදුකරයි.

පහතින් තියෙන්නේ මම හදපු එකේ වීඩියෝ එකයි.
ඹක්කොම පටිගත කළේ මගේ ෆෝන් කැමරාවෙන්, ඒනිසා මෙහි දර්ශණවල අපැහැදිලි වීම් තියෙන්න පුළුවන්.


එහෙනම් අළුත් වැඩකින් යලි හමුයෙමු. ඹබට සුභ දවසක්.

පොඩි පොඩි සොෆ්වෙයා

මගේ පොඩි පොඩි සොෆ්ට්වෙයා


මෙන්න මගෙන් පොඩි සොෆ්ට්වෙයා ටිකක් හැදුවා.ඔයගොල්ලන් ඒව බාගෙනම බලන්නකො.මුලින්ම මේ  ෂිප්(*.zip) ගොනුව අන්ෂිප් කරල සෙටප් ඊඑක්ස්ඊ(Setup.exe) ගොනුව රන් කරන්න.
මගේ දිනපොත.
මුර පදය getset ලෙස දෙන්න

කොන්ඩ කැවුම් හදමු

කොන්ඩ කැවුම් හදමු
මගේ පළමු ආර්ඩුයිනෝ ව්‍යාපෘතිය.

න්න චිනා ආයෙත් ආවා සුටුසුටුවෙන් ඹබ හමුවට. මේසැරේ වංහුං තීරුවෙන් කියන්න යන්නේ , හුග කාලෙක ඉදල චිනාගේ හිතේ තිබිච්ච අදසක් සඵලවීම ගැනයි. චිනා O/L ලියල ගෙදර ඉන්න කාලෙ තමයි මුලින්ම කොම්පියුටරයකට අත ගැහුවේ. ඒ මීට අවුරුදු 19 කට කලින්, ඒ කියන්නේ 1997 අවුරුද්දේ . ඒ කාලෙ තමයි ප්‍රෝග්‍රෑමින් ගැන චිනාගේ හිතට ආවේ.ඒ දවස් වල චිනා ඉලෙක්ට්‍රොණික් එහෙමත් ඉගෙන ගෙන තිබ්බ නිසා කොම්පියුටරය හරහා බල්බ පත්තු කරන්න ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න ඹ්න උනා.උපරිම ට්‍ර‍යි එක දැම්මා.අවුරුදු ගානක් කෝස් කීපයක්ම කළා.පොඩ් පොඩ් සොෆ්ට්වෙයා හැදුව.සමහර ඒව හිතට ආපු ගණන් වලට විකුණුව.(චිනා හදපු සමහර සොෆ්ට්වෙයා බලන්න මෙතනින් යන්න ) . A/L කරණ කාලෙත් වැඩි පුරම චිනා කලේ ප්‍රෝග්‍රෑම් ලියන එකයි.චිනා Maths කරපු හින්ද හිතේ හැටියට සමීකරණ එහෙ මෙහෙට කරල ප්‍රෝග්‍රෑම ලිව්ව.ඒත් කොම්පියුටරය හරහා බල්බ පත්තු කරන්න ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න බැරි උනා. ඹහොම යද්දි චිනා ගත්ත පොතක තිබිල චිප් ප්‍රෝග්‍රෑමින් ගැන ලිපියක් හම්බඋනා.නෙට් එකෙනුත් තවත් කරුණු හොයාගත්ත.ඒ කාලේ ප්‍රෝග්‍රෑමින් ජොබ් එකක් කරමින් හිටිය හින්දා අතෙත් සල්ලි තිබ්බා.සුද්දා වගේ කොළඹ ඇවිත් පිටකොටුවේ කඩවල් ගානෙ ඇවිදල ඒ සම්බන්ධ පොතුත් ගත්තා. ඹහොම ඹහොම තමයි ආර්නෝයිඩෝ ගැන දැන ගත්තේ.

පස්සේ ඊ-බේ එකෙන් ආර්නෝයිඩෝ එකක් ගෙන්න ගත්තා.වැඩි ගානක් ගියේ නෑ. රු 1000/= විතර ගියා.ඊට පස්සේ ආර්නෝයිඩෝ අයි ඩී ඊ එක නෙට් එකෙන් බාගත්ත.ඉස්කෝලෙ යන කාලෙ ප්‍ර‍ර්ශණයට හදපු භාණ්ඩයක රිලේ එකක් අරන්, තව ජාති ටිකක් දාල, ප්‍රෝ එකක් ලිව්වා.පස්සේ චිප් එකට අප්ලෝඩ් කළා.චිනා හිටියේ දෙගිඩියාවෙන් .මොකද වැඩේ වැරදිලා මැෂින් එක පිච්චුනොත් ඹක්කොම ඉවරයිනේ.කොහොම උනත් වැඩේ හරි ගියා.අවුරුදු ගාණක ඉදල චිනාගේ හිතේ තිබිච්ච අදසක් හිමිදිරියේම සඵල උනා.මේ තමයි චිනා 10 වසරෙදි පාසලේ තිබ්බ ප්‍ර‍දර්ශණයට හදපු පරිපථය.මේක හැදුවේ ගුරුවරුන්ගේ කරදරෙන් බේරෙන්නයි.
මෙහි වයිබ්‍රේටර් එක අයින් කරල, ආර්ඩොයිනෝ එකේන් එන සිග්නල් එක රිලේ එකට දීල තමයි මේක හැදුවේ.
මේ තියෙන්නේ ආර්ඩොයිනෝ එකේ ලිව්ව ප්‍රෝග්‍රෑම් එකයි.
int p=12;
void setup()
{
pinMode(p ,OUTPUT);
}
void loop()
{
digitalWrite(p ,HIGH);
delay(1500);
digitalWrite(p ,LOW);
delay(1500);
}

මේක තව පොඩ්ඩක් වෙනස් කරල සීරියල් පෝර්ට් එකට කෝඩ් කළා.ඒක මෙහෙමයි ,
int p = 12;
void setup()
{
pinMode(p, OUTPUT);
Serial.begin(9600);
}
void loop()
{
char v =Serial.read();
if ( v== "O")
{
digitalWrite(p, HIGH);
}else
{
digitalWrite(p, HIGH);
}
}

මේකෙන් වෙන්නේ මෙහෙම දෙයක්, ඩොට් නෙට් වලින් ලියපු ප්‍රෝග්‍රෑම් එකේ චෙක්ස් බොක්ස් එක චෙක් කරපුහාම බල්බය දැල්වීම ,නිවීම සිදුවෙයි. ඩොට් නෙට් කෝඩ් මෙහෙමයි.
check Box Name : chkOnOff
serial port Name : sp
rate : 9600
form load Event
private sub form_load(object sender, EventArgs e )
with sp
.portName ="COM4"
biginRate =9600
.open()
end with end sub
private sub chkOnOff_click(object sender ,EventArgs e)
if chkOnOff.checked ="o" then
sp.write("o")
else
sp.write("f")
endif
end sub

එහෙනං ඹක්කෝටම සුභ දවසක් ,අළුත් පෝස්ට් එකකින් යලි හමුවෙමු.

පිළිබද(About)

මේ මාගේ පළමු බ්ලොග් අඩවියයි.මෙහි හුගක් අඩුපාඩු අත් වැරදීම් තිබෙන්නට පිළිවන.