-->

වීබී මගින් ආර්ඩුයිනෝ හි LED පාළනය කිරීම ( Arduino LED Contral using VB.Net )

න්න මම අද කියන්න යන්නේ මම හදපු සොෆ්වෙයා එකක් ගැනයි.මේක හැදුවේ වීබී ඩොට් නෙට්(VB.Net) වලින්. ආර්ඩුයීනෝ එකට සම්බන්ද කරල තියෙන LED බල්බ 3ක් වීබී හරහා පාලනය කරන්නයි හදල තියෙන්නේ.ඒතරම් ලොකු වැඩකුත් නෙමෙයි.මුලින්ම තියෙන්නේ ආර්ඩුයීනෝ එකට ලිව්ව කෝඩින් එකයි.

කෝඩින් ගැන පැහැදිලි කිරීම

මේකෙ පළමු පේළි 3න් කරන්නේ වේරියබල් කීපයක් හදාගන්නව. comm කියන්නේ වීබී වලින් එන විධානය ලබාගන්නා වේරියබල් එකයි.p කියන්නේ ආර්ඩුයිනෝ එකේ Out put පෙන්වන වේරියබල් එකයි. nf මගින් බල්බ දැල්වීම නොදැල්වීම සටහන් කරයි. nfs මගින් පින්වල ක්‍රියාකාරිත්වය පිළිබද සටහනක් වීබී වෙත යවයි. සෙටප් Function එකෙන් ආර්ඩුයිනෝ එකේ 10,11,12,13 පින් හදුන්වා දී ඇති අතර සීරියල් පෝට් බිට් රේට් එක ද හදුන්වා දෙයි.loop Function මගින් වීබී වලින් එන විධානය ලබාගෙන ,ආර්ඩුයිනෝ එකට සම්බන්ධ කර ඇති LED පාළනය කරයි.










VB.Net කෝඩින්

මෙහි පෝරට් එකට, ආර්ඩුයිනෝ එක සම්බන්ධ පෝර් එක ලබාදී අදාල චෙක්ස් බොක්ස් එක ටික් කලවිට ,විධානය ආර්ඩුයිනෝ එකට යයි.ඒ අනුව ඊට අදාල LED එක දැල්වීම /නිවීම සිදුකරයි.

පහතින් තියෙන්නේ මම හදපු එකේ වීඩියෝ එකයි.
ඹක්කොම පටිගත කළේ මගේ ෆෝන් කැමරාවෙන්, ඒනිසා මෙහි දර්ශණවල අපැහැදිලි වීම් තියෙන්න පුළුවන්.


එහෙනම් අළුත් වැඩකින් යලි හමුයෙමු. ඹබට සුභ දවසක්.

No comments:

Post a Comment