-->
මගෙන් ඉලෙක්ට්‍රොණික් පරිපථ

න්න මේසැරේ වංහුං තීරුවෙන් කියන්න යන්නේ ඉලෙක්ට්‍රොණික් පරිපථ කීපයක් ගැනයි.මේ දවස්වල අපේ කොම්පැණියේ IT ඩිපාර්ට්මන්ට් එකට වැඩ ටිකක් අඩුයි.ඒක හින්දා පෝස්ට් එකක් ලියන්න වෙලාවක් ආවා.මේ පොස්ට් එක දාන්න මුළ පිරුණෙ මෙහෙමයි.කොම්පැණියේ IT ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරන මිත්‍රයෙක් දවසක් කිව්වා ,මචන් මට ඹ්නැ රිලේ එකකට සෙට් කරල තියෙන push button switch එකක් එකපාරක් press කරපුහාම රිලේ එක ON වෙන්ඩත් තව පාරක් press කරපුහාම OFF වෙන්නත් හදන්න.කොහොමද කරන්නේ කියල හොයල බලකො කියලා.ඹ්ක එච්චර දෙයක්යෑ ,push to ON /push to OFF switch එකක් අරන් හයිකරකෝ කියල කිව්වත් මෑන් පිළිගත්තේ නෑ.ඒ switch ලොකු වැඩි බං , මට ඹ්නෑ පොඩි switch එකක් දාල හදන්නයි.ඹහොම දවස් කීපයක් ගියා.ආයෙත් මිත්‍ර‍ කිව්ව උබ අරක බැලුවේ නෑනේද බං කියල.ඹ්ක එච්චර දෙයක්යෑ බං,push to ON /push to OFF switch එකක් අරන් හයිකරකෝ කියල මම කිව්වා.ඒක හරියන්නෑ බං මට ඹ්න ඩිජිටල් විදියට කරන්නයි මිත්‍ර‍ය කිව්වා.හරි එහෙනං ගනින් 4017 අයිසී එක , අරන් 2 පින් එකට........... කියල විස්තර කලා.ඒක එයාට තේරුණාද දන්නනෙත් නෑ, හැදුවද නැද්ද මම දන්නෑ.ඉතින් එහෙම අවශ්‍යතා තියෙන අය තව ඇතිනේ . ඒ අයටත් සහයොගයක් වශයෙන් තමයි පරිපථ කීපයක් දාන්න හිතුනේ.ඹන්න ඹහොම තමයි පෝස්ට් එක දාන්න මුළ පිරුණෙ.

4017 IC එක ගැන මම දැනගත්තේ 1995 විතර කාලෙදී.ඉස්කෝලෙ ඉලෙක්ට්‍රොණික් වලට පින් එකක් ගානෙ ඉගැන්නුව.සමහර වෙලාවට බැණුම් එහෙමත් ඇහුවා.පාස්සන්න ගිහින් අත පුච්ච ගත්ත අවස්ථාත් එමටයි.හරි මෙන්න මම ඉදිරිපත් කරණ පරිපථ සටහන්.
මේකෙන් වෙන්නේ S කියන push button switch එක press කරපුහාම රිලේ එක ON වෙනව, තව පාරක් press කරපුහාම OFF වෙනව. රිලේ එකට ප්‍ර‍ධාන විදුලිය සපයන්න පුළුවන්.

මේ තියෙන්නේ තවත් එකක්

R1          = 330 ohm
R2 - R4  = 1 Kohm
C            = 10 uF
S            = PUSH BUTTON SWITCH
B            = BULB

මේකට බල්බය වෙනුවට රිලේ එකක් උනත් සම්බන්ධ කරන්න පුළුවන්.මේකෙත් වෙන්නේ S කියන push button switch එක press කරපුහාම බල්බය දැල් වෙනව, තව පාරක් press කරපුහාම බල්බය නිවෙනව.







4017 IC එකෙන් LOCK එකක් හදමු. 


උපකරණ ලැයිස්තුව

S1 - S10  = Push button Switch
R1           = 1K  resistor
B             = Bulb
TR1         = C282 හෝ  D400 transistor

මේක වැඩකරන්නේ මෙහෙමයි.ලොක් එක ක්‍රියාත්මක වෙන්නේ ඉලක්කම් 5 කින්යුත් අංකයකින්.කුමන හෝ එක ඉලක්කමක් හෝ වැරදුනහොත් නැවත මුලසිටම අංකය සටහන් කරන්න ඹ්න.බල්බය වෙනුවට රිලේ එකක් උනත් සම්බන්ධ කරන්න පුළුවන්.
අපි උදාහරණයක් ගෙන බලමු.

අපි හිතමු අපේ රහස් අංකය 58923 කියල, එතකොට කී පෑඩ් එකේ 5,8,9,2 ,3 යන අංක වලට පිළිවෙලින් S1, S2 , S3 ,S4 ,S5 ස්විච සම්බන්ධ කරන්න ඹ්න.S6-S10 දක්වා ස්විච කී පෑඩ් එකේ ඉතිරි අංක වලට සම්බන්ධ කරන්න.දැන් විදුලිය සම්බන්ධ කර අංකය ලබාදී බලන්න.

එහෙනං ඹක්කෝටම සුභ දවසක් ,අළුත් පෝස්ට් එකකින් යලි හමුවෙමු.

No comments:

Post a Comment